Thursday, August 20, 2015

මිරියබැද්දේ ලයිම් පේලියේ ටකරන් බිත්ති වට කරපු




මිරියබැද්දේ ලයිම් පේලියේ
ටකරන් බිත්ති වට කරපු
අඩි අටේ කාමර කෑලි වල
සැපෙන් හිටියා නෙවෙයි..
නාය යයි කියලා...
ආණ්ඩුවේ ලොකු මහත්තුරු
ලයිම් පේලියෙන් යන්න කිව්වා තමයි
ඒත් දෙය්යනේ...
කොහේ යන්නද අපි..?
වත්තේ දලු කඩන්න
කුලියක් කරගන්න...
වැටිලා උන්න ලයිම් පේලිය...
කහට ඩිංගක් බීලා
රොටියක් අකුලගෙන..
ගල් ගොඩැලි බැහැගෙන
ඉස්කෝලෙට ගියා...
ආපහු එන්න ලයිම් පේලිය නෑ...
සුමාන කාසි හම්බුනාම
පොතක් ඇන්න දෙන්නං 
කිව්ව අප්පාත් නෑ..
කරගැට අතින්
දාඩිය සුවදට
ඔලුව අතගාපු 
අම්මත් නෑ......
දෙයියෝ බලාවිකියලා
පුල්ලෙයාර් සාමිට 
අපි දාපු පඩුරු පෙට්ටියම
හම්බුනාලු පස් යටින්
පඩුරුත් එපා කියලා
ගියාද අයියෝ සාමි..?
ඇයි සාමිනේ
අම්මා අප්පා එක්කම
මාවත් එක්කන් නොගියේ..????

No comments:

Post a Comment