Thursday, August 20, 2015

- අද දිනට යෙදෙන ගාමිණි දිසානායක විසිවන ගුණසමරුව නිමිත්තෙනි... - உன்னைப் போன்ற அரசியல்வாதிகள் இனி எப்போது பிறக்கப் போகிறார்களோ...

- අද දිනට යෙදෙන ගාමිණි දිසානායක විසිවන ගුණසමරුව නිමිත්තෙනි... -
" රෑ දොළහට මම හිතන්නේ මේ විදියට රැස්වීම් තියන එකම දේශපාලන පක්ෂය, යූන්පිය. මම මේ දොළහට ඉස්සෙල්ලා කතා කලා නම් මම තමුන්නාන්සෙලාට කියන්න හිටියේ සුබ රාත්‍රියක් වේවා..! යි කියලයි. නමුත් දැන් මං තමුන්නාන්සේලාට කියනවා සුබ උදෑසනක්..! කියලා.
තමන් හට ජයගොස නැගූ තමන් නව උදාවක් සපථ කල ජනතාව ට සුබ උදෑසනක් පැතූ ලංකා මාතාවගේ එක් ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් ඊට විනාඩි කිහිපයකට පසු ජීවිතයේ ක්ෂිතජයෙන් ඔබ්බට පියමැන්නේය. දිනය 1994 ඔක්තෝඹර් 24 වැනිදාය.
"එක ම රටක්
එක ම ජාතියක්
එක ම ජනාධිපති.."
1994 ජනාධිපතිවරණයේ ගාමිණිගේ තේමාව විය. ගාමිණිගේ මෙහෙවර නොයෙක්වර බොහෝ තැන් වලදී අප අසා ඇත්තෙමු. ඉදින් අපි ඒ මෙහෙවෙර ගැන නොව ගාමිණි නම් අමිල අගිණිත අප්‍රමාණ දේශපාලකයාගේ හෘදයාංගම සිතිවිලි ගැන කතාකරන්නෙමු.
" මගේ පැතුම් උතුම් ය, මගේ දිරිය සවිමත් ය, ජනතාව කෙරෙහි මගේ විශ්වාසය සුවිසල් ය, මේ සොඳුරු මව්බිම කෙරෙහි මගේ ආදරය කිසිදා නොමියෙනු ඇත." - ගාමිණි දිසානායක
දීර්ඝ ලාංකේය ඉතිහාසයේ දැවන්තම සංවර්ධන ව්‍යාපෘතිය මහවැලියයි. අදටත් දිවයිනේ නිවෙස් අලෝකමත් කරන විදුලි බුබුළු දෙකකින් එකක් අලෝකමත් වන්නේ මහවැලි දියවරෙනි. රටෙන් තුනෙන් එකක ජනතාවක් බුදින බත්පත ඉදෙන්නට සහල් සපයන්නේ මහවැලි දියවරෙනි. හිසටව වහලක් තනාගන්නට වැටී ඉන්නට තමන්ගේ කියා බිම් අඟලක් නැති සුවහසක් ජනතාවකට ස්වර්ණභූමි ඔප්පු ලබාදෙමින්, ලංකාවට ටෙස්ට් වරම් හිමිකර දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ගොඩනැගිල්ල, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම හා ආශ්‍රීත ක්‍රිකට් ගෘහ ක්‍රීඩාගාරය හා අස්ගිරිය ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරය ආදිය... සිදු කරමින් ගාමිණි පලකලේ මව්බිම කෙරෙහි ඇත්තා වූ නොමියෙන ආදරයමැ යි.
" කළු සුදු පැහැයකට වඩා ජීවිතයක ඇත්තේ අළු පැහැයයි " - ගාමිණි දිසානායක
1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ඔබය. දහහත් වසරක විජයග්‍රාහී එජාප ගමන් මගෙහි කොමාව ඔබය. එය කොමාව නොව නැවතීමේ තිතකැ යි යමෙකුට කිවහැක. එය ඔහුට සාධාරණ විය හැක. මන් ද 1994 පසු විසිවසක් ගතවන මේ මොහොත වනතෙක් එජාපය ජයග්‍රහණය නොකල හෙයිනි. මා එය කොමාවැකැ යි කියන්නේ මෙරට දේශපාලන ඉතිහාසය තුල එජාපය කල කී දෑ යටපත්කොට බුද්ධිමත් නායකයන් ට ගරහමින් පරද්දන්නට වෙර දැරුව ද එජාප ජයග්‍රහණය පතන කිසිදින නොවෙනස් වන එජාප පාක්ෂිකයන් සිටින බැවිනි.

No comments:

Post a Comment